ජනෙල් වීදුරුව තුලින් ඈත බලද්දී අඳුර මුලු පරිසරයම ගිලගෙන ඇති බව දකින්නට තිබුනු අතර මා දෑස පියාගෙන බොහෝ වේලාවක් ගත වී ඇති බව ඉන් මට දැනුනි.නිවාඩු දිනයන්හිදි මුලු ලෝකයාගෙන්ම ඈත් වී භාවනා කිරිම මගේ ප්රියතම කටයුත්ත වු අතර දවස ගතවනවා නොදැනෙන්න තරම් මා එයට ඇබ්බැහි වී තිබුනි.
"පුතේ තේ එකක් හදන්නද?"
සිරියා සිනහවෙමින් උලුවස්සට හේත්තු වී ඇසුවාය.
"හා හදන්නකෝ..ම්ම්ම් ඉඟුරු දාලා හොද ප්ලේන්ටියක්"
මම පැදුර අකුලමින් කිවෙමි.
මේ නිවසේ මගේ ප්රියතම ස්ථානය වන මෙම කාමරයට අඩිය තබන සැනින් ඕනෑම කෙනෙකුගේ සිත නිවි යයි.කාමරය මැද්දේ කලු ගලින් කල විශාල බුද්ධ ප්රතිමාවකි.ප්රතිමාව ඉදිරිපිට කලු ගලින් කල ආසනය මල් හඳුන් කුරු ඇතුලු පුජාවන් තැබිමට සකසන ලද්දකි.හදුන්කුරු සුවදින් මුලු කාමරයම පිරි ගොසින් තිබුනි.ඒ සුවඳට කුඩා කාලයේ පටන් මා ඇලුම් කරන බව සිරියා පවා දන්නා නිසා ඒ හඳුන්කුරු පෙට්ටිය ඉවර වන්නටත් පෙර අලුත් පෙට්ටියක් ගෙනත් තබයි.
අවුරුදු කිහිපයකට පෙර මට සහයට ගැහැණියක් සෙවිමේදි සිරියා මට හමු වුවද අම්මා කෙනෙකු මෙන් තමාව ආරක්ෂා කරන අයුරු කුස්සියට යන ගමන් මම කල්පනා කලෙමි.
"චොක්ලට් කේක් තියනවා.කාලම තේ බොනවාද?"
මම හා කියන්නට හිස වැනුවෙමි.
මගේ කැමති දේ මෙන්ම අකමැති දේද සිරියා හොදින් හඳුනයි.
"හෙට ඩොක්ටර් හම්බවෙන දවස නේද පුතේ?"
සිරියා සෑමවිටම මගේ කටයුතු වලදිද සහය දුන්නාය.
"ඔව්.හෙට ඩොක්ටර් වසන්ති නෑ.එයා වෙනුවට වෙන කෙනෙක් ඉන්නේ.කවුද දන්නේ නෑ.හැබැයි ඉතින් ඩොක්ටර් වසන්ති නරක කෙනෙක් ලඟට මාව කියටවත් යවන්නේ නෑ."
"ඩොක්ටර් වසන්ති ඇයි නැත්තේ?"
"රට ගිහින් අම්මේ"
සිරියා මට ආදරෙන් පුතේ කියා අමතන බැවින් කාලයත් සමඟ මම ද ඇයට අම්මා කියන්නට පුරුදු වුයෙමි.
"රෑට මොනවද කන්නේ?"
මම හිඳ සිටි පුටුවෙන් නැගිටින ගමන් ඇසුවෙමි.
"මොනවද කන්න ආස?"
"ඉඳිආප්ප.චිකන් හොද්දකුත් ඕනි."මගේ ඇස් දිලිසෙන ගමන් මම කිවෙමි.
"පුතාගේ නංගිත් ආසයි."
නංගිව මතක් වු සැනින් සිරියාගේ ඇස්වල කඳුලුය.
"අඩන්න එපා ඉතින්..ම්ම් අපි හදලා ගිහින් දෙමුකෝ ලඟදිම.."
